පොඩි කාලෙ ඉඳල අතට අහුවෙන පත්තර කොළයක් උනත් කියවන පුරුද්දක් මට තිබුන. අදටත් office ගෙනියන බත් එක කන්න කලින් ඒක ඔතපු කොළේ අකුරක් නෑර කියවන්‍නෙ ඒ පුරුද්දට.ඒ පත්තර වල සමහර තැන්වලදි හම්බවෙච්ච උප සංස්කෘතිය කියන වචනෙ එදා මට තවත් එක වචනයක් විතරක්ම උනා.
උප සංස්කෘතිය බොක්කටත් චුට්ටක් පහළට වෙන්ඩ වදින වචනයක් උනේ හන්තාන හීතලයි, ජේෂ්ඨයින්‍ගෙ ආදරණීය තෙලයි අතරෙ ඇඟේ හිරිගඬු පිපෙද්දි.
පේර උප සංස්කෘතිය හරිම සුන්දර වගේම තර්කානුකූල එකක් උනා. සෙංකඩගල ලස්සනම පරිසරය තිබුනු සරසවි බිම රැක්‍කෙ අදටත් රකින්‍නෙ එහෙ ඉන්න එවුන්මයි. ලක්ෂ දෙකක් යා කරන සරල රේඛාව ඒ අතර තියන කෙටිම දුර කියල සහසුද්‍නේම දැනදැනත් අපි ලොකු රවුමක් ගහල පෙත්මං දිගේ දේශන වලට ගියා, රස්තියාදුවෙ ගියා. ගඟ අද්දරට වෙන්න තිබුනු ආදරවන්තයන්‍ගෙ ලෝකයෙ (ගඟ අද්දර $@ පීඨයෙ) පවා තණ කොළයක් පෑගුවෙ එහෙමත් එකෙක්.
දේශනාගාරය, නේවාසිකාගාරය, කැන්ටිම මේ හැම දේටම පොදු උප සංස්කෘතික රීති තිබුන. සමාජ කතිකාවත් වල පට්ට ගහන මැනස් කොළඹ නෝනටත්, උඩරට මැණිකෙටත්, ගාල්ලෙ හාමිනේටත් එකවගේ පුරුදු කරපු මේ ක්‍රියාදාමය හරහා උගතුන් තුළින් කථිකයො, නායකයො, දර්ශනවාදියො බිහි කළා කිව්වොත් නිවැරදියි. ඒ හැම එකක්ම කලින් කිව්ව උප සංස්කෘතියෙ බෝනස් උනා.
ඊළඟ සුළඟට ගසාගෙන එන තුරු............
NIce one bro.. keep it up...
ReplyDelete