නාලනී එන්න....
මල් පිපේදැයි
බලාගෙන එන්න,
අමර ගියා
සිදාදියට,
තනමල්විල පාර දිගට.....
කෑගහලම
නෙළුම් විකුණන්න
බැරැණ්ඩි වෙච්ච
උඹෙ උගුරට
නිවාඩු දෙන්න....
උඹටයි දරුවටයි
හිඟා නොකා
කලක් ගෙවන්න....
සිදාදියේ මල් විකුණන
උඹෙ අමරෙට
හරියන්න කියල
පඬුරක් දාන්න....
නාලනී එන්න.....