ටෙක්නිකල් හන්දියේ
නුග පෙලට යට නූන
වනස්පති නුඹම විය
එතැන් සිට නුඹ සොයමු...
කම්හලේ වැඩපලේ
දහදිය සුවඳ මැද
නුඹ කියූ ධනවතා
නොදුටුවෙන් නුඹ සොයමු...
සරුව පිත්තල පිරුණු
විළි බියක් ළඟ නොවුනු
සුරඟනාවියො අතර
සැඟවිදැයි නුඹ සොයමු...
නුඹ සොයනු එපා කී
නුඹේ ගැන මතකයන්
අරුත් පද සඟවලා
නුඹෙ කවියෙ අපි සොයමු...
Wednesday, January 16, 2013
ღ...වෙනස...♻
සමහරක් වැහි දාට
පුංචි පාලම ගාව
මම බලා සිටිය හැටි
තවම මතකයි හොඳට...
ඉරාගත් කඩදාසි
ඔරු වලට පෙරලිලා
තරඟ වැදුනා තමයි...
ගණන්, සිංහල කියා
වෙනසක් නම් තිබුනෙම නෑ...
පහු කලෙක වැහි දාට
තෙමුණ මුත් වැහි පොදට
හීතලක් දැණුනෙ නෑ
යකා පාලම ගාව
මම හිටියෙ නුඹ ගාව...
ඇත්තටම
වැස්සාද...
පුංචි පාලම ගාව
මම බලා සිටිය හැටි
තවම මතකයි හොඳට...
ඉරාගත් කඩදාසි
ඔරු වලට පෙරලිලා
තරඟ වැදුනා තමයි...
ගණන්, සිංහල කියා
වෙනසක් නම් තිබුනෙම නෑ...
පහු කලෙක වැහි දාට
තෙමුණ මුත් වැහි පොදට
හීතලක් දැණුනෙ නෑ
යකා පාලම ගාව
මම හිටියෙ නුඹ ගාව...
ඇත්තටම
වැස්සාද...
Friday, January 11, 2013
ღපමා වුනේ ඇයි...♻
හිතට එන කල්පනා
පොදි බැඳන් අකුරු අමුණන්නට
ගල් කර සිත පතුළ
අමතක උනා
ලියන්නට....
හිරිමල් වැස්ස
සිතුම් දී වසින නිසා
කලට
අකලට...
අයියෝ දෝරෙ ගලා ගියා
වානට....
ඉඩ දෙන්න
පුරවන්න
තවත් ටික කාලයක්
හද විල....
පොදි බැඳන් අකුරු අමුණන්නට
ගල් කර සිත පතුළ
අමතක උනා
ලියන්නට....
හිරිමල් වැස්ස
සිතුම් දී වසින නිසා
කලට
අකලට...
අයියෝ දෝරෙ ගලා ගියා
වානට....
ඉඩ දෙන්න
පුරවන්න
තවත් ටික කාලයක්
හද විල....
Subscribe to:
Posts (Atom)