Thursday, August 30, 2012

නුඹ එනකම් බලා ඉඳන්
ගෙවී ගිහින් ගිම්හානය
මටත් හොරෙන් මගේ හිතට
සිසිල ගෙනත් වස්සානය
හිතේ තිබුනු නුඹෙ රූපය
කුරුටු ගෑව පින්තූරය
තවමත් ඇත සිනහවකින්
සරසාගෙන මගෙ බිත්තිය.....
 

සුවඳ නැතිනම්
පරසතු මලක
පිවිතුරු බවට
කැළැලක් නොවේද
එයම.....