2009.12.05
ප.ව. 05.24
අතිනත පටලා
උරයට බරවී
මා ලඟ අසුනේ පෙම් සුව විඳිනා
හිරිමල් යව්වන
පෙම්වත් දසුනට,
ඉවසාගනු බැහැ මා සිත සොඳුරිය.....
නුඹ අත් පටලා ගිය හැටි සිහි විය......
එන්න හිනෙවා
පියඹා නුඹ වෙත,
අල්ලන් යන්නට නුඹෙ සියුමැලි අත.....
වරක් සිඹින්නට නුඹෙ හුරතල් වත.....

No comments:
Post a Comment