එන පොට හොඳම නෑ...
මොනව කරන්ඩද දෙයියනේ, වැරදිලා බ්‍ලොග් එකකට ගියපුවහම ලින්ක් එකකින් තව ලින්ක් එකකට ආදී වශයෙන් නෙත් පිනවාගෙන පිනවාගෙන පිනවාගෙන ගිහින් දැන් මේ අහිංසක කොලු පැටියත් බ්‍ලොග් ආතුරයෙක් වෙලා.
ඒ අස්සෙ තමා ලාංකේය ගමනාගමන ක්‍ෂේත්‍රයේ මහඟු සත්කාරයක් විදිහට දවසකට පැය තුනක් විතර මග තොට සිරි නරඹද්දි එන අනේක විධ සංකල්පනා අපරාදෙනෙ අහක දාන්නෙ වගේ හැඟීමකුත් හිතට පොඩි තට්ටුවක් දැම්මෙ.
ඒ නිසා ඔන්න ඔහෙ ඒවත් ලියලම දානව.
අවුල් නම් වැරැද්දක් තිබුනොත් හෙම හදා ගන්නත් එක්ක කියල යන්න.
පට්ටම අප්සට් නම්... හිතට එන
ඔන්න මම නොකිවිව කියන්න එපා.
මම එහෙනම් ලියනවෝ........
No comments:
Post a Comment