Friday, September 14, 2012

ღHeart Attack♻

නුඹව සතු කරගන්න
වෙර දරපු අතීතෙක
මම විඳපු දුක්....
නුඹ නමට බැඳි පෙමින්
පින්තාරු කර,
හදවත....
අමතකම කළ අතීතය...
ප්‍රේමයෙන් ගත බදා
හාදුව වැස්සෙන් තෙමා
සතුටු විය යුතු දිනම....
නුඹ ගැනම සිත සිතා,
නුඹ නමම කිය කියා,
තිස්සෙම ගැහෙන හදවතේ
කිරීටක ධමනියේම
හිරවුනු අරුමය....

Wednesday, September 5, 2012

ღ........♻

මම
නොකිව්වට
නුඹට,
දරාගන්න බෑ
මට
ඇත්තමයි
හරි පාළුයි.....