Friday, July 27, 2012

ღ උප සංස්කෘතිය ♻

‍පොඩි කා‍ලෙ ඉඳල අතට අහු‍වෙන පත්තර ‍කොළයක් උනත් කියවන පුරුද්දක් මට තිබුන. අදටත් office ‍ගෙනියන බත් එක කන්න කලින් ඒක ඔතපු ‍කො‍‍ළේ අකුරක් නෑර කියවන්‍‍‍‍නෙ ඒ පුරුද්දට.ඒ පත්තර වල සමහර තැන්වලදි හම්බ‍‍වෙච්ච උප සංස්කෘතිය කියන වච‍නෙ එදා මට තවත් එක වචනයක් විතරක්ම උනා.


උප සංස්කෘතිය ‍බොක්කටත් චුට්ටක් පහළට ‍වෙන්ඩ වදින වචනයක් උ‍නේ හන්තාන හීතලයි, ‍ජේෂ්ඨයින්‍‍‍‍ගෙ ආදරණීය ‍තෙලයි අතරෙ ඇ‍ඟේ හිරිගඬු පි‍පෙද්දි.


‍පේර උප සංස්කෘතිය හරිම සුන්දර ව‍ගේම තර්කානුකූල එකක් උනා. ‍සෙංකඩගල ලස්සනම පරිසරය තිබුනු සරසවි බිම රැක්‍‍‍‍කෙ අදටත් රකින්‍‍නෙ එ‍‍හෙ ඉන්න එවුන්මයි. ලක්ෂ ‍දෙකක් යා කරන සරල ‍රේඛාව ඒ අතර තියන ‍කෙටිම දුර කියල සහසුද්‍නේම දැනදැනත් අපි ‍ලොකු රවුමක් ගහල ‍පෙත්මං දි‍ගේ ‍‍දේශන වලට ගියා, රස්තියාදු‍වෙ ගියා. ගඟ අද්දරට ‍වෙන්න තිබුනු ආදරවන්තයන්‍‍ගෙ  ලෝකයෙ (ගඟ අද්දර $@ පීඨයෙ) පවා තණ ‍කොළයක් පෑගු‍වෙ එ‍‍හෙමත් එ‍කෙක්.


 දේශනාගාරය, නේවාසිකාගාරය, කැන්ටිම මේ හැම දේටම පොදු උප සංස්කෘතික රීති තිබුන. සමාජ කතිකාවත් වල පට්ට ගහන මැනස් කොළඹ නෝනටත්, උඩරට මැණිකෙටත්, ගාල්ලෙ හාමිනේටත් එකවගේ පුරුදු කරපු මේ ක්‍රියාදාමය හරහා උගතුන් තුළින් කථිකයො, නායකයො, දර්ශනවාදියො බිහි කළා කිව්වොත් නිවැරදියි. ඒ හැම එකක්ම කලින් කිව්ව උප සංස්කෘතියෙ බෝනස් උනා.


ඊළඟ සුළඟට ගසාගෙන එන තුරු............

Tuesday, July 24, 2012

ღපූර්විකාව ‍නො‍හොත් සූදානම් සරී‍රෙ....????♻


‍‍

ස$%@^$්‍ය විදිහට නිසඳැස් ලියපු එකා පද්‍ය රචනා අස්‍‍‍සෙ ගද්‍ය රචනා කරන්ඩ අරඅඳිනව. 

එන ‍පොට ‍හොඳම නෑ... ‍

‍මොනව කරන්ඩද ‍දෙයිය‍නේ, වැරදිලා බ්‍‍‍‍ලොග් එකකට ගියපුවහම  ලින්ක් එකකින් තව ලින්ක් එකකට ආදී වශ‍යෙන් ‍නෙත් පිනවාගෙන පිනවාගෙන පිනවාගෙන ගිහින් දැන් ‍මේ අහිංසක ‍කොලු පැටියත් බ්‍‍‍‍ලොග් ආතුරයෙක් ‍වෙලා. 

ඒ අස්සෙ තමා ලාං‍කේය ගමනාගමන ‍‍ක්‍‍‍‍ෂේත්‍ර‍යේ මහඟු සත්කාරයක් විදිහට දවසකට පැය තුනක් විතර මග ‍තොට සිරි නරඹද්දි එන අ‍නේක විධ සංකල්පනා අපරා‍දෙ‍නෙ අහක දාන්නෙ ව‍ගේ හැඟීමකුත් හිතට ‍පොඩි තට්ටුවක් දැම්මෙ. 
ඒ නිසා ඔන්න ඔ‍හෙ ඒවත් ලියලම දානව. 

අවුල් නම් වැරැද්දක් තිබු‍නොත් ‍හෙම හදා ගන්නත් එක්ක කියල යන්න. 
පට්ටම අප්සට් නම්... හිතට එන $&හරුප ටික ‍නොකිය යන්න.


ඔන්න මම ‍නොකිවිව කියන්න එපා. 

මම එ‍‍හෙනම් ලියන‍වෝ........

Monday, July 23, 2012

ღපො‍තේ ලියපු කවි♻

 










සොඳුරු මියැසියක
පද වැලට
නුහුරු නම්
හිතක අරුමය
තනික‍‍මේ සුවය මැද
කන්කළුයි රැහැයි නද......

Monday, July 16, 2012

ღපො‍තේ ලියපු කවි♻

‍හිතුවක්කාර‍‍‍ ගොඩය ලියන අටමගල් ‍‍‍‍‍බොහොමයි....

හිතුවක්කාර‍‍‍ කමට හැම මගුලම ලිව්වට ‍‍ගො‍‍ඩේ කම හින්ද එන ලැජ්ජාවටද මන්ද අන්තිමට ලියපුව ‍‍‍‍පෝස්ට් කරන්ඩ හිතට නිකම් ‍මෙව්ව එකක් ආව.

ඔන්න එත‍කොට ‍දෙයිය‍නේ කියල මතක් උනා හිතුවක්කාර‍‍‍ය ‍පො‍තේ ලියපු කවි..?

සාමාන්‍ය‍යෙන් හිතුවක්කාර‍‍‍ ගොඩය අතට අහුවෙන ලියනබල් ඒව‍යෙ හි‍‍තට එන අටමගල් ලියනව. අන්න ඒව‍ගෙ අ‍පොයි ‍පොත් වලට ගිය සල්ලි කිය කිය උසස් ‍පෙළ කරද්දි ලියපුව හන්තාන පාමුල සීතල විඳින්ඩ ඇඟිළි ගැන ගැන ඉද්දි ‍පොතක ලිව්ව. අන්න ඒ ‍‍පො‍තේ ලියපුවත් "පො‍තේ ලියපු කවි" හැටියට අද ඉඳන් සැ‍රෙන් සැ‍රේ එකින් එක ‍හමා‍ගෙන ඒවි.


පො‍තේ ලියපු පළ‍වෙනි කවිය

කවියක් ‍නො‍‍වේ  ජීවිතය
ගඟුලක් ව‍ගේ ගලා යන,
අඟුලක් නැතත් එ‍ගොඩ වන්නට
තරණය ‍හෝ මරණය
එක හිතින් හිතා‍ගෙන
තරණය කළම යුතු...
අවසරයි
අරඹන්න
"මගේ පුංචි සුරංගනා කතාව".....

Friday, July 13, 2012

ღසමුගැන්මක් ‍‍නොවන මුත්......♻

සරා සඳ බැසගියත්,
අමාවක සුපිපුනත්,
සිනාවක මතකයක්
‍‍නොමැ‍‍කේවි මියදුනත්........

ღ........♻

‍‍නෙතු පියන
නි‍මේ‍‍ෂෙට,
කඩා වැද
හදවතට,
හැඩි කරන්නද
නුඹට,
ඇමදුවේ
ම‍‍ගේ හිත.....
හැඟීමක් 
නොතබාම.....

Wednesday, July 11, 2012

ღ........♻



මල් වැහි හීතල
මන්දාරම් කලු
හන්තානට වට
වස්සා‍‍‍නේ පිණි
‍‍‍තෙමි ‍තෙමි ගුලිවී
නු‍ඹෙ උර මත රැඳි
ම‍ගෙ අත් තාමත්
සුවඳයි නුඹ සතු.......


ღකම්කරුවා‍ගේ ‍‍‍‍‍‍පෙම් සට(හ)න ♻
















කළු කපා පායන්න
පුර හඳක් ‍‍වෙලා නුඹ
අමාවක මහ රෑක.....

ඒ උනත්,

එපා නුඹ පායන්න
හිරු නැගපු මද්දහනක,
එපා ‍‍වෙයි
මට නුඹව.....

Tuesday, July 10, 2012

ღ........♻

හීන ‍‍නොදැකපු
හිතකට
‍කො‍හොම ‍තේරුම් කරන්නද,
‍‍දේදුන්නක පාට
ආපු හැටි,
පුංචිම පුංචි
හී‍නෙකට......

ღ.....♻

2009.12.05
ප.ව. 05.24













අතිනත පටලා
උරයට බරවී
මා ලඟ අසු‍නේ ‍‍පෙම් සුව විඳිනා
හිරිමල් යව්වන
‍‍පෙම්වත් දසුනට,
ඉවසාගනු බැහැ මා සිත ‍සොඳුරිය.....


නුඹ අත් පටලා ගිය හැටි සිහි විය......


එන්න හි‍නෙවා
පියඹා නුඹ ‍‍වෙත,
අල්ලන් යන්නට නු‍‍ඹෙ සියුමැලි අත.....
වරක් සිඹින්නට නු‍ඹෙ හුරතල් වත.....

Friday, July 6, 2012

ღය‍ශෝධරාවන්‍‍ගේ රාත්‍රිය....♻




රම්‍ය, සුරම්‍ය, සුභ
නිදි සුව ‍‍නොලද්දී
බලා සිටියාය
හිණි ‍‍‍පෙළ පාමුල,
නින්ද ‍‍ගෙන පළාගි‍‍යෝ
නැවත එනතුරු............

Wednesday, July 4, 2012

ღහිත බිඳුණු මල්ලීට........♻




මන්දාරම්
අඳුරට
‍‍පෙම් බඳින්නට
එපා වැහි ළිහිණි‍යෝ
තව ටි‍‍කෙන්
වහිනවා............