ටෙක්නිකල් හන්දියේ
නුග පෙලට යට නූන
වනස්පති නුඹම විය
එතැන් සිට නුඹ සොයමු...
කම්හලේ වැඩපලේ
දහදිය සුවඳ මැද
නුඹ කියූ ධනවතා
නොදුටුවෙන් නුඹ සොයමු...
සරුව පිත්තල පිරුණු
විළි බියක් ළඟ නොවුනු
සුරඟනාවියො අතර
සැඟවිදැයි නුඹ සොයමු...
නුඹ සොයනු එපා කී
නුඹේ ගැන මතකයන්
අරුත් පද සඟවලා
නුඹෙ කවියෙ අපි සොයමු...
No comments:
Post a Comment